26 February, 2017

Tagged Under:

ශ්‍රී ලංකන් මුල්ම එයාර්බස් 320 Neo යානය - ඩුබායි රාජ්‍යයෙන් පිටත් වේ - අද උදෑසන ශ්‍රී ලංකාවට! (Exclusive Video)

By: Aththa Withthi On: 2/26/2017 11:18:00 PM
  • Let's Get Social


  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කරන ලද මුල්ම එයාර්බස් 320 Neo යානය අද ( 26) උදෑසන 6.00ට පමණ කටුනායක ගුවන්තොටුපළට ළඟාවීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සතුව එයාර් බස් 320 වර්ගයේ යානා තිබුනද එයාර්බස් 320 Neo වර්ගයට අයත් ප්‍රථම යානය වනුයේ මෙම යානයයි.

    මේ වන විට එම ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ලංකාව බලා පිටත් වී තිබේ.

    යානය නිශ්පාදනය කල සමාගමේ තාක්ෂණික සහායක නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකන් සමාගමේ නිලධාරීන් පිරිසක් ඩුබායි රාජ්‍යයේ සිට මෙම යානය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ පියාසැරියට සහභාගී වී ඇත.

    කටුනායකදි මෙම ගුවන් යානයට ජල ආචාරය (Water Salute)ද ලබා දීමට නියමිතය.

    මෙම යානය ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අහසට නැගුනු අවස්ථාව ඔබට පහතින් නැරඹිය හැක.









    -harigossip
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment