28 February, 2017

Tagged Under:

බොක්‌සිං ශූර මොහමඩ් අලීගේ පුත්‍රයා අත්අඩංගුවට

By: Aththa Withthi On: 2/28/2017 08:09:00 AM
  • Let's Get Social


  • හිටපු ලෝ පූජිත ඇමරිකානු බොක්‌සිං ශූරයා වූ මොහමඩ් අලීගේ පුත්‍රයා ප්ලෝරිඩා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම ගුවන් තොටුපෙළේ ආගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ පරම්පරාව හා ආගම ගැන ප්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එලෙස කනිෂ්ඨ මොහමඩ් අලි පැය දෙකකට අධික කාලයක්‌ ආගමන බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ වී ඇත්තේ ජැමෙයිකාවේ සිට ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේදීයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආගමන විගමන බලධාරීන් විසින් කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැහැ.
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment