02 February, 2017

Tagged Under:

ගාල්ලේ ජේලර්ට ගැහැවේ ඇප පිට එළියට ආ “පැතුම්ද“?

By: Aththa Withthi On: 2/02/2017 09:34:00 PM
  • Let's Get Social
  • ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයෙකු උණවටුන ප‍්‍රදේශයේ දී ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා. රාජකාරී කටයුත්තක් සඳහා සිවිල් ඇඳුමින් සැරසී හබරාදුව ප‍්‍රදේශයට යමින් සිටිය දී ඔහු මෙම ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

    ඔහු ගමන්ගත් බස් රථයට නැගි පුද්ගලයින් සිව් දෙනෙකු විසින් බස් රථය නවතා මෙම පහරදීම සිදු කර ඇති බව සඳහන්. තුවාල ලැබූ එච්.පී. හර්ෂණ නමැති ජේලර්වරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

    ගාල්ල බන්ධනාගාරයේ ක‍්‍රියාත්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධි ක‍්‍රියාකාරකම් මැඩලීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර පහරකෑමට ලක්වූ ජේලර්වරයා එම කමිටුවේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක්. බන්ධනාගාරගතව සිටි පාතාල කල්ලි සාමාජික ‘‘ ගාල්ලේ පැතුම්’’ සතුව තිබී දුරකතනයක් සොයා ගැනීමට ද මෙම නිලධාරියා සමත් වුණා.

    ගාල්ලේ පැතුම් මීට දින කිහිපයකට පෙර බන්ධනාගාරයෙන් ඇප මත මුදාහැර ඇති අතර මෙම පහරදීම ඔහු විසින් මෙහෙවන්නට ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.



    _නෙත්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment